September 24, 2010

නිල් නෙතු.....

ලැබේ නම් මතු දිනක ඔය නිල් නෙතු
තනිවෙලා යැයි සිතූ පෙර දින නිමයි
අතිනත ගන්නාතෙක් මතු දින මා ඔබ සිතු
ජීවිතේ කරදර මැද බෝ දුරයි

කතාවක් කියනා ඔය නිල් නෙතු
මගේ බව නම් මට සැබයි
සියක් කෙනෙහිලි ලැබෙන මුත් අද
දුකක් නෑ ඔබ මගේ ලඟයි

පා කරන මද සිනා ඔය නිල් නෙතු
අනන්තයක් තරමට මට ආදරෙ කරයි
ලැබෙන තෙක් මගෙ ලඟට මින් මතු
අහස තරමට අද පෙරුම්පුරයි

ජෝඑල් ලෙනන්




July 17, 2010

හිම කැට ...


හිම කැට විසිරෙන සුදු වරුසාවක
සිනිදු සේල අතුරනා රුවේ
එතී ඇදී යන්නට මට ආසයි
අවසරනම් හනි හනික ඔබේ
දේ ඇඟිලි එක්වන සොඳුරු රඟහලක
සිපගත් මතකයි සොඳුරු සිනා
ඇස් පියවෙනකොට උතුරා හැඬුවා
මගෙ හද ඔයාට ආදරෙයි කියා
සැතපෙන්නට සුව ලය මත උනුහුම
බලාන ඉන්නේ මම එදා ඉඳන්
කියන්න ඉවසන්නේ කෝමද කියලා
ආදරේ හිතෙනවා ගොඩාක් ඔයාට රත්තරන් 


W.A.D. ජෝඑල් ලෙනන්



May 3, 2010

- ගමන -

මේක ටිකක් වෙනස් විදිහක නිර්මානයක්... පෙම්වතුන් යුවලක් පොදුප්‍රවාහන සේවයක යනකොට , හැමෝම කරනව වගේ මේ පිරිමි ලමයත් තමාගේ පෙම්වතියගෙන් අයුතු දේවල් ලබාගන්න උත්සහයක... මේ ගෑනු ලමයත් තමාගේ පෙම්වතානේ කියල ඉඩදීල බලගෙන ඉන්නව... සම්මතය තුල ලැජ්ජා බය යහමින් අඳුරන නිසා ඇයටන් නිරායාසයෙන් දෙනෙතට කඳුලු උනනවා... ඒ කඳුලු දකින පිරිමි ලමයගේ හිත සැබෑ ආදරයෙන් අවදිවෙනවා...

April 20, 2010

හම්ම්ම්....

හම්ම්ම්.... ඕන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් සැරයක් මගෙ බ්ලොග් එක පැත්තට එන්න මට වාසනාව ලැබුන... ගිය මාර්තු අන්තිමට වගේ මගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා එන්න බැරි උනා මේ පැත්තෙ... ආයෙත් සැරයක් ඕන්න එහෙනම් වැඩ පටන් ගමු...