September 13, 2011

අමතක වෙලා වගේ ......



දෙස්දෙවොලින් තොර ලොවකට
පිය නැගුවා ඇය හොරෙන් හොරෙන්
සීත රටක සීත පහස ඇඳී තිබුනි මනස පුරා
දුටුව නිසා අනාගතය විය සිදුරෙන්
පා තැබුවෝ උස් මනසින්
නොතිබුනත් වත්කම් ඒජන්සියෙ පිහිටෙන්
ලෝබ වෙලා දැනෙන රසට
ලැබෙන මුදලෙ
විකිනෙනා පසු දින සිට
එක අතකින් තව අතකට
නොමසුරු සිතින්
ලැබුවා වැනි හොඳ කල
ජීවිතයට ඇගේ

මුසු උනත් විලඳ සුවඳ
සිල් සුවඳ පිරුනු සිතේ
ආපසු ගනු බැරි බව
ගෙවුනු ජීවිතය
ඇයට අද අමතක වෙලා වගේ


W.A.D. ජෝඑල් ලෙනන්

September 7, 2011

එදා ඉඳන් අද වෙනකන්.. මින් මතුවටත් ...



අපේ ජීවිත වලට කවුරු
කොයි වෙලේ ඇවිත්
අපිව රිද්දනවද
අපිට ආදරේ කරනවද
කියන එක
අපිට තිරනේ කරන්න
අයිතියක් නැහැයි කියල
මට දැනුනේ
ඔයා මගෙ ලොකේට
ආගන්තුකයෙක් වගේ ඇවිත්
මගේ මුලු ජීවිතේම
අයිති කරගත්තම
හිනාවෙන්න දන්නෙ නැති
නපුරු රාස්සයෙක් වගේ
මගේම ලෝකෙක තනිවෙලා
බලාපොරොත්තු නැති වෙලේ
අසරන විදියට
සියක් දෙනා මැද
නතර උන මගෙ ඇස්
පෙර එක දවසක
ආදරේ නිසා
කඳුලින් බරවෙන්න ඇති
ඒ කඳුලු වල
තෙරපුනු සෙනෙහසේ
ගැඹුර ඔය හිතටත්
පෙර එක දවසක
දැනිල තිබ්බ හින්දා
ඒ දවස
මගේ මැල උනු

දෙනෙත් දිහා
ඔයා හොරෙන් බැලුවේ
ඒ හින්ද වෙන්න ඇති
ලොකයාට
තේරුම්ගන්න
අමාරු මගේ සිතුවිලි එක්ක
ආදරෙන් බැඳෙන්න තරමට
අපි සන්සාරෙන් සන්සාරෙට
මේ වගේ හමුවෙමින්
එකට එන්න ඇති


W.A.D. ජෝඑල් ලෙනන්

August 13, 2011

දෑස් පියා .....




මේ දිගන්තයේ හමන
අශීලාචාර සුළඟ
හිත හිරිවට්ටන විට
නුබේ සුවඳ හිත තදකරගෙන
දෑස් පියා
සිල්වත් වෙන්නම්
ඒ ලෙන්ගතු හිතට
ආදරේ නිසා
මියෙනතුරා



W.A.D. ජෝඑල් ලෙනන්

August 10, 2011

oh ...

නිහඬ දෙනයන ,
කතා කරන බස්
ඇහිබැමි තුලින්
යන්න හිතයි මේ
නිමෙශයෙන් මිදී
නිහඬ බැල්මේ
ආයාචනා

දෙබැම ලඟ
කොමල පාන
සුන්දර සිනහා
මනබඳින කෙහෙ රටාවෝ
පාන සිනහා
සලිතකරයි
මා පන්චේන්ද්‍රීය
සිතා ඕ

ජෝඑල් ලෙනන්

August 7, 2011

Sleeping stars ....





sleeping stars in the dark sky , i want them so badly dont ask me now " why ?" , they persuade me little by little .. i hate this universe , wel not fully but a kind of a hatred.. i'm used to the most of thier glittering stares.. hell now i know how they feel in the lonely sky, dark , freezing with disco lights... cinematic , isn't it but sleeping stars do drop sweat like me .... they sometimes shout to others like me ..recently i got to know a one .... sleeping and glittering , it does shine .. it does cry i think ... i like it  for a great extent i'm feeling the grace of it for a certain extent ...

Joel Lennon W.A.D.

August 4, 2011

somewhere ....

May they not see I cry 
in the depths of loneliness 
faraway somewhere in the sky 
when indeed his lips lock yours
remove my image from your eyes

beyond legions and deep sees


let my juvenile love left freezing
seconds and minutes I'm surrendering
not to make you feel
guilty for a one coloured love
lamenting , i have tighten , locked and ordered
my mind not to see you in my dreams 


but I cannot stop the heart 
with love you boarded 
everytime in front of you  I release 




W.A.D. Joel Lennon

July 27, 2011

dont ask why ...

sleeping at night
won't stop this fight
if you can
i guess
it might say this
with delight
you may squeeze
and hit twice
but when
this was heard
you won't try thrice
it awaits
it never dies
for a guilt
oppressed
sometimes it may cry
i know its' odd
but don't ask why
i pray my love
please don't deny ...


W.A.D. Joel Lennon

July 26, 2011

Red Rose Of Camden

Oh this red rose of camden 
forced me to smile on my way to hendon 
A prity face , an innocent in London 
order me not to leave her abandoned
When i stare my eye lids strip
her eyes , her fragrance ,
slowly my heart grips 
in this summer evening 
at the end of my long trip
A feeling is ridiculed 
with hand full of images to slip


             W.A.D. Joel Lennon


July 13, 2011

ආදරේට ලියන කතා....




ම්ම්ම්ම්හ් , ගොඩ කාලෙකට පස්සෙ ආදරේට ලියන කත අලුත් කරන්න හිතුන, ඔයා එක තැනක , මම තව තැනක නේද මගේ නන්ගෝ අපි දෙන්නගෙ හිත් වලට දැනෙන තනිකම වචන වලින් කියන්න බැරි තරම් කියල මන් දන්නවා මගේ රත්තරන් ජීවිතේ අපි ගන්න තීරන අපේ හැඟීම් වලට කොච්චර නම් සමීපවෙලා අපේ හිත්වලට වේදනා දෙනව නේද මගේ නන්ගෝ.. අපා දුක්විඳගෙන මන් මෙහෙ ජීවිතේ ගැට ගහගන්නේ මගෙ පුන්චි කෙල්ලව හැමදාටම මගේ ලඟ තියාගන්නයි.. ඉවසගෙන ඉමු මගෙ ආදරියේ තව ටික දවසක් මෙහෙම... මන් දුවගෙන ඇවිත් ඔයාගෙ පපුවට තුරුල්වෙන දවස වැඩි ඈතක නෑ මගෙ සුදු නන්ගෝ ... එතෙක් ආදරේ මන් .. මේ පාලු නගරය පුරාවට හමන සීත සුලඟටත් වඩා

July 10, 2011

මානව පරිනාමය...






ඇය සුදුය
නමුත් මැය කලුය
ඇය ප්‍රතමයෙනුත්
මැය දෙවනුවත්
එකම දුම් රිය මැදිරියට
මැය ඉඳගත්තාය
ඇය කුපිත වූවාය
සති අන්තයේ
එක සිකුරාදාවක
ඇයත්, මැයත්
මාත් එකම තැනක
එක මොහොතක
පරිනත මානව මනසේ
විස්මිත මැවුම් අබියස
ඔවුනොවුන් සිපවැලඳ
නර්තන ලීලා පාන
විලම්බීත රාත්‍රියක
පරිනාමයේ විශිශ්ටයෝ
පාපිශ්ටයෝ මෙන්
ඔබ මොබ හෙලුවෙන්
විලි වසාගත්තෝය...


W.A.D. ජෝඑල් ලෙනන්