January 13, 2011

පොදු නොවූ ප්‍රශ්නය...

නැගිට ලෑස්ති වී
යන්න මග බලා
ඉන්න විට එක සිතින්
සොයගන්නට එක කාසියක්
අවලන්ගු දෙශයක
අවලන්ගු සිහිනයක
ගැති කමේ මහිමෙන්
සෙනෙහෙවන්ත හෝරාවන්
දෑස අබියස
ජය කෙලි නන්වන සඳ
එක ඇමතුමක්
" මල්ලි අද එන්න එපාලු "

ජෝඑල් ලෙනන්

January 11, 2011

දැනීම සහ නොදැනීම......

හිරු නැග එන්නට පමාවෙලා
ගොරෝසු රෙදි පට තුලට වෙලා
එනකන් වෙලාව මගම බලා
පෙරදා හිරු අද පමාවෙලා

ඊයේ වගේම අදත් වෙදෝ
තබන තබන පය බරක් වෙදෝ
හිතන හිතන දෙය වෙනස් වෙදෝ
නැගිට ගන්න තව කලක් යදෝ

හෙමින් සැරේ යන කාලේ මගේ
ගෙදර උන්න නන් පලක් ඇතේ
උන්නු කාලෙ නොදැනුනත් පුතේ
දැනෙන කාලෙ මහ මෙරක් හිසේ

ජෝඑල් ලෙනන්

January 9, 2011

දිය උනු සිහින..

ප්‍රාර්තනා පොදි බැඳගත්

ඒරොප්පෙට හිත දීගත්

ගොඩ යන්නට

වැඩ කරගත්

සීත රටක හිත තනිවෙත්



කියාගන්න කෙන නැතිවෙත්

දන්න වචන දිව පැටලෙත්

කඳුලු ඉනූ නෙතු වේලෙත්

දියවුනු සිහිනෙක සැතපෙත්





ජෝඑල් ලෙනන්

December 23, 2010

Welcome to london



I got late
may be it was my fate
stepping on to ul 505
"Welcome we are about to fly"
fastening my seat belt
i sat by the window about to melt
A deep breathe taken inside
good bye my mother
I'm on the ride
it was about eight fourty five
I was tired ending my ride
Got through the border
as it was their order
cleared the baggage
with my hand lagguage
waited for the friend
who came  to the journey's end
in a flash inside a van
with files and cans
his boss with his girlfriend
'be qiuet" said my friend
as we stopped at her house
 I was the joker , the mickey mouse
we were ordered to  make
with snow a snow bear , a fake
on a ground covered with snow
i had no idea , i said " i don't know"
they had fun , i never knew what was snow
soon after the touch somehow I got to know.
he said this is how we have to live
if not like this there are a very few
i looked west as he said this is east
with a sigh I sensed and pain released
i missed things i did  abandon
he slowly murmured ' my friend welcome to London"

W.A.D. Joel Lennon

October 27, 2010

සැබෑ මිනිසා..| A real human

ඔබට හැකිනම්
සිනහවකින් පිලිතුරු දෙන්න
සියක් හමුදා
කඳවුරු බැඳ
සිටින විට
සතුරන් ලෙස,
ඔබට හැකිනම්
කෙලින් කතාකරන්න
ඔබට නිගරු කරන
සියක් දෙනා වෙත,
ඔබට හැකිනම්
සිත පුරා ආදරය කරන්න
ඔබට වෛර කරන
සියල්ල හට
ඔබට හැකිනම්
සපුරාලන්න
ඔබ පොරොන්දු වූ
ඒ දස දහස් පොරොන්දු
ඔබත්
සැබෑ මිනිසෙකි

W.A.D. ජෝඑල් ලෙනන්





if you can answer
with a smile
when hundreds of soldiers
camp around you
as your enemies,
if you can 
talk to them straight
to the insultinghundreds.
.if you can
love all the people
from your whole heart
who hate you...
if you can fullfil
all the promises
you promised
you are
a real human ......

October 25, 2010

කවියෙකුගෙ සිත

රිදුනත් සිය දහස්වරක්
තම සිත
සිනහවෙන්ම කල් ගෙව්වා
තදකරන් දෙ ඇස්
නොදකිනා විලසට තම දුක
අන් දුක ගැනම කවි ලිව්වා
හඬනා උන්
ආදරය අබියස
ඔහු සනසමින් කල් ගෙව්වා
නැති උනත් අද කෙනෙකු
තම සිත ලඟ
ආදරයටම කවි ලිව්වා....



W.A.D.  ජෝඑල් ලෙනන්

October 1, 2010

සිහිනය....

අපි පිය නගන මේ මාවත
ලා රෝස රෝස මල් වලින් සරසලා
මගේ ලඟින් ගමන් කරන
ඔයා වගේ හැඩ වෙලා
වලාකුලු වියන් තනා
විහඟ ගීතයකට
හිරු තනු මුසු වෙලා
පල්ලියේ ගීතිකා හඬට
හිත සතුටින් ඉපිලිලා
හමෝම අපි දිහා බලා ඉද්දී
ඔයා මගේ වෙලා
අපි දෙන්නෙක් නෙමේ දැන්
ආදරය තුල එක්කෙනෙක් වෙලා

ජෝඑල් ලෙනන්


September 25, 2010

ආදරයට ලියන කතා....

අපි දෙන්න මුන ගැහිල මේ මාසෙට මාස අටක් සම්පූර්නයි රත්තරන්. අපි ආපු පාර දිහා ආපහු හැරිල බැලුවොත් කොච්චර නම් සුන්දරද නේද?.. මුලින් හම්බුනු දවසේ අඳුරන්නෙත් නැති නිසා හොරෙන් හොරෙන් බල බල ඇස් වලින් කතා කරපු ඒ පුන්චි කෙල්ල අද මගෙ පපුවට ඔලුව තියාගෙන සනීපෙට නිදි. ජීවිතේ සුන්දරද මෙතරම් කියන රූකාන්ත මහත්තයාගේ සින්දුව මටම ලිව්වාද කියල හිත හිත ඔයාගේ කෙහෙරැලි වලට මගෙ මූන තියාගෙන  උතුරා ගලන ආදරය මොහොතකට වින්දා මම

ඊයේ ඉපදුන ලස්සන ලෝකය
අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුලු වෙනවාදෝ.....





September 24, 2010

නිල් නෙතු.....

ලැබේ නම් මතු දිනක ඔය නිල් නෙතු
තනිවෙලා යැයි සිතූ පෙර දින නිමයි
අතිනත ගන්නාතෙක් මතු දින මා ඔබ සිතු
ජීවිතේ කරදර මැද බෝ දුරයි

කතාවක් කියනා ඔය නිල් නෙතු
මගේ බව නම් මට සැබයි
සියක් කෙනෙහිලි ලැබෙන මුත් අද
දුකක් නෑ ඔබ මගේ ලඟයි

පා කරන මද සිනා ඔය නිල් නෙතු
අනන්තයක් තරමට මට ආදරෙ කරයි
ලැබෙන තෙක් මගෙ ලඟට මින් මතු
අහස තරමට අද පෙරුම්පුරයි

ජෝඑල් ලෙනන්