January 13, 2011

පොදු නොවූ ප්‍රශ්නය...

නැගිට ලෑස්ති වී
යන්න මග බලා
ඉන්න විට එක සිතින්
සොයගන්නට එක කාසියක්
අවලන්ගු දෙශයක
අවලන්ගු සිහිනයක
ගැති කමේ මහිමෙන්
සෙනෙහෙවන්ත හෝරාවන්
දෑස අබියස
ජය කෙලි නන්වන සඳ
එක ඇමතුමක්
" මල්ලි අද එන්න එපාලු "

ජෝඑල් ලෙනන්

January 11, 2011

දැනීම සහ නොදැනීම......

හිරු නැග එන්නට පමාවෙලා
ගොරෝසු රෙදි පට තුලට වෙලා
එනකන් වෙලාව මගම බලා
පෙරදා හිරු අද පමාවෙලා

ඊයේ වගේම අදත් වෙදෝ
තබන තබන පය බරක් වෙදෝ
හිතන හිතන දෙය වෙනස් වෙදෝ
නැගිට ගන්න තව කලක් යදෝ

හෙමින් සැරේ යන කාලේ මගේ
ගෙදර උන්න නන් පලක් ඇතේ
උන්නු කාලෙ නොදැනුනත් පුතේ
දැනෙන කාලෙ මහ මෙරක් හිසේ

ජෝඑල් ලෙනන්

January 9, 2011

දිය උනු සිහින..

ප්‍රාර්තනා පොදි බැඳගත්

ඒරොප්පෙට හිත දීගත්

ගොඩ යන්නට

වැඩ කරගත්

සීත රටක හිත තනිවෙත්



කියාගන්න කෙන නැතිවෙත්

දන්න වචන දිව පැටලෙත්

කඳුලු ඉනූ නෙතු වේලෙත්

දියවුනු සිහිනෙක සැතපෙත්





ජෝඑල් ලෙනන්