March 24, 2010

මතකේ හසරැල් ....

මේක මගේ නිර්මානයක් නොවුනත් , මගේ ජීවිතෙත් එක්ක සමීප සිතුවිල්ලක්.... බොහොම හැඟීම් බර පදවැල් සමූහයක් ...

සතුට සොයා...

හිතක් පපුවක්
නැති උතුමෙක්
ගිනිසිලුවක් සිප
කටපුච්ච ගෙන
ගිලන් වී මතු දිනක
සිහිකරත්
තම ගිනිගත්
හදවත
පෙරදින
තනිවී
මිදීමට ලොබ වී
ආශාවෙන්
පසුතැවෙත්
අවසන්වරට

W.A.D. ජෝඑල් ලෙනන්

March 20, 2010

ආදරේට ලියන කවි ..

හිනැහෙනකොට
ඔය තොල්පෙති
ආසයි මට බලන් ඉන්න
නතර නොකර
කියවනකොට
ආසයි මට අහන් ඉන්න
ලඟට ඇවිත්
දඟ කරද්දි
ආසයි මට අල්ල ගන්න
හදිස්සි ඇයි
රත්තරනේ
චුට්ටක් මගේ
ලඟ රැඳෙන්න...
W.A.D. ජෝඑල් ලෙනන්

March 18, 2010

ආදරේට ලියන කවි......

විරාමයට හිත අකමැති
නොදකින නිසා ඔබ ආයෙත්
ඇවිත් යන්න හිත නැද්දෝ
බලාගන්න රුව ආයෙත්
ලොවට හොරා හමුවෙනකොට
පාට පාට හීන අරන්
බලා ඉන්න හිතෙනව මට
ඔයා දිහා නෙතු නොපියන්
කොනිත්තන්න ආසයි මට
හොරෙන් ඔබේ නෙතු කවුලුපියන්
පුරුද්දටද නතරවෙලා
සන්සාරේ, ලඟට ඇවිත්
පුදුමවෙලා ඇයි බලන්නේ
සත්තයි වෙන නෑ කවුරුත්..
W.A.D. ජෝඑල් ලෙනන්

I don't like intervals
because I can't wait to see you
Don't you feel the same my love
to see me
when we meet secretly
with thousands of
colourful dreams
I love to look at you
without blinking
I love to pinch your
twinkling eye lids
Is this meant to be
in life after life
why are you surprised?
I promise 
there won't be another.


W.A.D. Joel lennon

March 16, 2010

ආදරේට ලියන කවි .....

 

Moon has come to my backyard
she is smiling with me now
If I could i would take her to my arms
to feel her figure
Gosh ! she is just like you ....

March 14, 2010

හිතට තනියක් නෑ..

සිතට තනියක් නෑ
ඔබ ලඟ හින්දා

නෙතට තනියක් නෑ
නෙතු ලඟ ඔබෙ රුව මැවෙන හින්දා

ගතට තනියක් නෑ
ඔබෙ සුවඳ මගේ ලඟ රැඳෙන හින්දා

හෙටට තනියක් නෑ
ඔබේ මතකය සදා නොමියන හින්දා...

ජෝඑල් ලෙනන් 

My heart never feels lonely as you are with me
My eyes never feel lonely as your image dances infront of me
My body never feels lonely as your fragrance lingers 
My tomorrow will never be lonely as your memory never dies

March 10, 2010

ආදරයට ලියන කතා...




ස්කෝලේ ශෝ එකක් තියෙනව කියල මට කියල ඔයා පෙරේදා ගියාම , මට ලොකු පාලුවක් දැනුන... ඒත් ඔයාගේ ආශාව ඒක නිසා මගේ හිතේ ඉපදුන පාලුව ගැන නොහිත ඔයාගේ වැඩේට මන් සුබ පැතුවේ හදවතින්ම. ඒත් අද ආයෙත් ඔයා ගෙදර ඇවිල්ල මට කෙටි පනිසිඩයක් එව්වාම ගොඩාක් සතුටු හිතුනා.. ඒත් ටික වෙලාවකින් ඔයාට සනීප නැහැ කියල කිව්වම මගේ හිතට ලොකු දුක්ක දැනුන... ඉක්මන්ට හොඳ වෙන්න කියල මන් දෙවියන්ට කන්නලව් කලා... ඒ වගේම කවදාවත් නැතුව මගේ හිත අද හවස ඉඳල ගොඩාක් කලබල වෙලා... ඉක්මන්ට සනීප වෙන්න මන් බලන් ඉන්නව ඔයා සනීප වෙලා ආයෙත් මට කතාකරනකන්..

W.A.D. ජෝඑල් ලෙනන්

March 9, 2010

ආදරයට ලියන කතා.....






හිතට ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම එකින් එක අකුරු කරල අරන්තියල ඔයාට පෙන්නන්න පුලුවන් නම් කොච්චර හොඳද. වෙලාවකට ආදරෙයි මන් කියල මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න හිතෙනව.. ඒත් එතකොට මිනුස්සු " මෙන්න මේකට පිස්සු කියල".. ආදරේ වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙවපු දේව්දාස්ටත් එහෙනම් පිස්සු ඇති.. ඔයාව හමුවුනු පලවෙනි දවසේ කප්පරක් දුක හිතේ තියාගෙන හිටපු මට මොනව උනාද මමවත් දන්නෙ නෑ.. ආදරේ හරිම පුදුමයි තමයි, නැත්තන් මන් ඔයාගේ අතින් අල්ලපු ගමන් තව තවත් මගේ ලඟට එන්න තරම් මන් ඔයාට හුරුයි කියල ඔයාගේම කටින් අහන්න ලබෙන්නේ නෑ නේ නේද මගේ රත්තරන් ...



W.A.D. Joel Lennon