December 23, 2010

Welcome to london



I got late
may be it was my fate
stepping on to ul 505
"Welcome we are about to fly"
fastening my seat belt
i sat by the window about to melt
A deep breathe taken inside
good bye my mother
I'm on the ride
it was about eight fourty five
I was tired ending my ride
Got through the border
as it was their order
cleared the baggage
with my hand lagguage
waited for the friend
who came  to the journey's end
in a flash inside a van
with files and cans
his boss with his girlfriend
'be qiuet" said my friend
as we stopped at her house
 I was the joker , the mickey mouse
we were ordered to  make
with snow a snow bear , a fake
on a ground covered with snow
i had no idea , i said " i don't know"
they had fun , i never knew what was snow
soon after the touch somehow I got to know.
he said this is how we have to live
if not like this there are a very few
i looked west as he said this is east
with a sigh I sensed and pain released
i missed things i did  abandon
he slowly murmured ' my friend welcome to London"

W.A.D. Joel Lennon

October 27, 2010

සැබෑ මිනිසා..| A real human

ඔබට හැකිනම්
සිනහවකින් පිලිතුරු දෙන්න
සියක් හමුදා
කඳවුරු බැඳ
සිටින විට
සතුරන් ලෙස,
ඔබට හැකිනම්
කෙලින් කතාකරන්න
ඔබට නිගරු කරන
සියක් දෙනා වෙත,
ඔබට හැකිනම්
සිත පුරා ආදරය කරන්න
ඔබට වෛර කරන
සියල්ල හට
ඔබට හැකිනම්
සපුරාලන්න
ඔබ පොරොන්දු වූ
ඒ දස දහස් පොරොන්දු
ඔබත්
සැබෑ මිනිසෙකි

W.A.D. ජෝඑල් ලෙනන්





if you can answer
with a smile
when hundreds of soldiers
camp around you
as your enemies,
if you can 
talk to them straight
to the insultinghundreds.
.if you can
love all the people
from your whole heart
who hate you...
if you can fullfil
all the promises
you promised
you are
a real human ......

October 25, 2010

කවියෙකුගෙ සිත

රිදුනත් සිය දහස්වරක්
තම සිත
සිනහවෙන්ම කල් ගෙව්වා
තදකරන් දෙ ඇස්
නොදකිනා විලසට තම දුක
අන් දුක ගැනම කවි ලිව්වා
හඬනා උන්
ආදරය අබියස
ඔහු සනසමින් කල් ගෙව්වා
නැති උනත් අද කෙනෙකු
තම සිත ලඟ
ආදරයටම කවි ලිව්වා....



W.A.D.  ජෝඑල් ලෙනන්

October 1, 2010

සිහිනය....

අපි පිය නගන මේ මාවත
ලා රෝස රෝස මල් වලින් සරසලා
මගේ ලඟින් ගමන් කරන
ඔයා වගේ හැඩ වෙලා
වලාකුලු වියන් තනා
විහඟ ගීතයකට
හිරු තනු මුසු වෙලා
පල්ලියේ ගීතිකා හඬට
හිත සතුටින් ඉපිලිලා
හමෝම අපි දිහා බලා ඉද්දී
ඔයා මගේ වෙලා
අපි දෙන්නෙක් නෙමේ දැන්
ආදරය තුල එක්කෙනෙක් වෙලා

ජෝඑල් ලෙනන්


September 25, 2010

ආදරයට ලියන කතා....

අපි දෙන්න මුන ගැහිල මේ මාසෙට මාස අටක් සම්පූර්නයි රත්තරන්. අපි ආපු පාර දිහා ආපහු හැරිල බැලුවොත් කොච්චර නම් සුන්දරද නේද?.. මුලින් හම්බුනු දවසේ අඳුරන්නෙත් නැති නිසා හොරෙන් හොරෙන් බල බල ඇස් වලින් කතා කරපු ඒ පුන්චි කෙල්ල අද මගෙ පපුවට ඔලුව තියාගෙන සනීපෙට නිදි. ජීවිතේ සුන්දරද මෙතරම් කියන රූකාන්ත මහත්තයාගේ සින්දුව මටම ලිව්වාද කියල හිත හිත ඔයාගේ කෙහෙරැලි වලට මගෙ මූන තියාගෙන  උතුරා ගලන ආදරය මොහොතකට වින්දා මම

ඊයේ ඉපදුන ලස්සන ලෝකය
අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුලු වෙනවාදෝ.....





September 24, 2010

නිල් නෙතු.....

ලැබේ නම් මතු දිනක ඔය නිල් නෙතු
තනිවෙලා යැයි සිතූ පෙර දින නිමයි
අතිනත ගන්නාතෙක් මතු දින මා ඔබ සිතු
ජීවිතේ කරදර මැද බෝ දුරයි

කතාවක් කියනා ඔය නිල් නෙතු
මගේ බව නම් මට සැබයි
සියක් කෙනෙහිලි ලැබෙන මුත් අද
දුකක් නෑ ඔබ මගේ ලඟයි

පා කරන මද සිනා ඔය නිල් නෙතු
අනන්තයක් තරමට මට ආදරෙ කරයි
ලැබෙන තෙක් මගෙ ලඟට මින් මතු
අහස තරමට අද පෙරුම්පුරයි

ජෝඑල් ලෙනන්




July 17, 2010

හිම කැට ...


හිම කැට විසිරෙන සුදු වරුසාවක
සිනිදු සේල අතුරනා රුවේ
එතී ඇදී යන්නට මට ආසයි
අවසරනම් හනි හනික ඔබේ
දේ ඇඟිලි එක්වන සොඳුරු රඟහලක
සිපගත් මතකයි සොඳුරු සිනා
ඇස් පියවෙනකොට උතුරා හැඬුවා
මගෙ හද ඔයාට ආදරෙයි කියා
සැතපෙන්නට සුව ලය මත උනුහුම
බලාන ඉන්නේ මම එදා ඉඳන්
කියන්න ඉවසන්නේ කෝමද කියලා
ආදරේ හිතෙනවා ගොඩාක් ඔයාට රත්තරන් 


W.A.D. ජෝඑල් ලෙනන්



May 3, 2010

- ගමන -

මේක ටිකක් වෙනස් විදිහක නිර්මානයක්... පෙම්වතුන් යුවලක් පොදුප්‍රවාහන සේවයක යනකොට , හැමෝම කරනව වගේ මේ පිරිමි ලමයත් තමාගේ පෙම්වතියගෙන් අයුතු දේවල් ලබාගන්න උත්සහයක... මේ ගෑනු ලමයත් තමාගේ පෙම්වතානේ කියල ඉඩදීල බලගෙන ඉන්නව... සම්මතය තුල ලැජ්ජා බය යහමින් අඳුරන නිසා ඇයටන් නිරායාසයෙන් දෙනෙතට කඳුලු උනනවා... ඒ කඳුලු දකින පිරිමි ලමයගේ හිත සැබෑ ආදරයෙන් අවදිවෙනවා...

April 20, 2010

හම්ම්ම්....

හම්ම්ම්.... ඕන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් සැරයක් මගෙ බ්ලොග් එක පැත්තට එන්න මට වාසනාව ලැබුන... ගිය මාර්තු අන්තිමට වගේ මගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා එන්න බැරි උනා මේ පැත්තෙ... ආයෙත් සැරයක් ඕන්න එහෙනම් වැඩ පටන් ගමු...

March 24, 2010

මතකේ හසරැල් ....

මේක මගේ නිර්මානයක් නොවුනත් , මගේ ජීවිතෙත් එක්ක සමීප සිතුවිල්ලක්.... බොහොම හැඟීම් බර පදවැල් සමූහයක් ...

සතුට සොයා...

හිතක් පපුවක්
නැති උතුමෙක්
ගිනිසිලුවක් සිප
කටපුච්ච ගෙන
ගිලන් වී මතු දිනක
සිහිකරත්
තම ගිනිගත්
හදවත
පෙරදින
තනිවී
මිදීමට ලොබ වී
ආශාවෙන්
පසුතැවෙත්
අවසන්වරට

W.A.D. ජෝඑල් ලෙනන්

March 20, 2010

ආදරේට ලියන කවි ..

හිනැහෙනකොට
ඔය තොල්පෙති
ආසයි මට බලන් ඉන්න
නතර නොකර
කියවනකොට
ආසයි මට අහන් ඉන්න
ලඟට ඇවිත්
දඟ කරද්දි
ආසයි මට අල්ල ගන්න
හදිස්සි ඇයි
රත්තරනේ
චුට්ටක් මගේ
ලඟ රැඳෙන්න...
W.A.D. ජෝඑල් ලෙනන්

March 18, 2010

ආදරේට ලියන කවි......

විරාමයට හිත අකමැති
නොදකින නිසා ඔබ ආයෙත්
ඇවිත් යන්න හිත නැද්දෝ
බලාගන්න රුව ආයෙත්
ලොවට හොරා හමුවෙනකොට
පාට පාට හීන අරන්
බලා ඉන්න හිතෙනව මට
ඔයා දිහා නෙතු නොපියන්
කොනිත්තන්න ආසයි මට
හොරෙන් ඔබේ නෙතු කවුලුපියන්
පුරුද්දටද නතරවෙලා
සන්සාරේ, ලඟට ඇවිත්
පුදුමවෙලා ඇයි බලන්නේ
සත්තයි වෙන නෑ කවුරුත්..
W.A.D. ජෝඑල් ලෙනන්

I don't like intervals
because I can't wait to see you
Don't you feel the same my love
to see me
when we meet secretly
with thousands of
colourful dreams
I love to look at you
without blinking
I love to pinch your
twinkling eye lids
Is this meant to be
in life after life
why are you surprised?
I promise 
there won't be another.


W.A.D. Joel lennon

March 16, 2010

ආදරේට ලියන කවි .....

 

Moon has come to my backyard
she is smiling with me now
If I could i would take her to my arms
to feel her figure
Gosh ! she is just like you ....

March 14, 2010

හිතට තනියක් නෑ..

සිතට තනියක් නෑ
ඔබ ලඟ හින්දා

නෙතට තනියක් නෑ
නෙතු ලඟ ඔබෙ රුව මැවෙන හින්දා

ගතට තනියක් නෑ
ඔබෙ සුවඳ මගේ ලඟ රැඳෙන හින්දා

හෙටට තනියක් නෑ
ඔබේ මතකය සදා නොමියන හින්දා...

ජෝඑල් ලෙනන් 

My heart never feels lonely as you are with me
My eyes never feel lonely as your image dances infront of me
My body never feels lonely as your fragrance lingers 
My tomorrow will never be lonely as your memory never dies

March 10, 2010

ආදරයට ලියන කතා...




ස්කෝලේ ශෝ එකක් තියෙනව කියල මට කියල ඔයා පෙරේදා ගියාම , මට ලොකු පාලුවක් දැනුන... ඒත් ඔයාගේ ආශාව ඒක නිසා මගේ හිතේ ඉපදුන පාලුව ගැන නොහිත ඔයාගේ වැඩේට මන් සුබ පැතුවේ හදවතින්ම. ඒත් අද ආයෙත් ඔයා ගෙදර ඇවිල්ල මට කෙටි පනිසිඩයක් එව්වාම ගොඩාක් සතුටු හිතුනා.. ඒත් ටික වෙලාවකින් ඔයාට සනීප නැහැ කියල කිව්වම මගේ හිතට ලොකු දුක්ක දැනුන... ඉක්මන්ට හොඳ වෙන්න කියල මන් දෙවියන්ට කන්නලව් කලා... ඒ වගේම කවදාවත් නැතුව මගේ හිත අද හවස ඉඳල ගොඩාක් කලබල වෙලා... ඉක්මන්ට සනීප වෙන්න මන් බලන් ඉන්නව ඔයා සනීප වෙලා ආයෙත් මට කතාකරනකන්..

W.A.D. ජෝඑල් ලෙනන්

March 9, 2010

ආදරයට ලියන කතා.....






හිතට ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම එකින් එක අකුරු කරල අරන්තියල ඔයාට පෙන්නන්න පුලුවන් නම් කොච්චර හොඳද. වෙලාවකට ආදරෙයි මන් කියල මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න හිතෙනව.. ඒත් එතකොට මිනුස්සු " මෙන්න මේකට පිස්සු කියල".. ආදරේ වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙවපු දේව්දාස්ටත් එහෙනම් පිස්සු ඇති.. ඔයාව හමුවුනු පලවෙනි දවසේ කප්පරක් දුක හිතේ තියාගෙන හිටපු මට මොනව උනාද මමවත් දන්නෙ නෑ.. ආදරේ හරිම පුදුමයි තමයි, නැත්තන් මන් ඔයාගේ අතින් අල්ලපු ගමන් තව තවත් මගේ ලඟට එන්න තරම් මන් ඔයාට හුරුයි කියල ඔයාගේම කටින් අහන්න ලබෙන්නේ නෑ නේ නේද මගේ රත්තරන් ...



W.A.D. Joel Lennon

February 28, 2010

A fairy in my hand ....

 
Love is a miracle, I told this again and again .. we all feel it from the depths of our heart. I love to love and I love you ......

සක් + ගයිඩ්..

 
ලන්කාවේ යතාර්තය මේක තමයි...

February 16, 2010

අපි හමු උනෙමු

අනන්තවූ සිතුවිලි අතර
තත්පරයකට අතරමන් උනෙමි
ලස්සන මල්වත්තක
නේක වර්නයන්ගෙන් පිරුණු
අග්‍රගනයේ මල් පිපී තිබුනි
මම මොහොතක් නතර උනෙමි
පින්වන්තයි සිතමින් මගෙ දෑස්
ඔබ මොබ බලන කලට
ඈත වැටක් අද්දර
එක පුන්චි මලක්
පිපී තිබෙනු දුටිමි
ලන් උනෙමි ඒ මල අසලට
දෝතින් රැගෙන වින්ඳෙමි
ඒ මලේ සුවඳ
ආදරය සිතුනි
මට ඒ පුන්චි මල වෙත
ඒත් අසරණ උනෙමි
සිතමින් රිදේවිදෝ
ඒ පුන්චි සිත..

ජෝඑල් ලෙනන්

February 8, 2010

~ කටගැස්ම...~

 

මේක උපහාසාත්මකයි කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන් , ඔව් ඒක ඇත්ත.. ඒත් මේකෙන් අපෙ ස්ත්‍රී පරාණ වලට හිතන්න යමක් දෙන්නයි උත්සහ කලේ.. විශේශයෙන් මොඩර්න් කට්ටියට..

February 7, 2010

වසන්තයේ එක දවසක් ...

 

පැතු මග වෙන්ස වෙලා
සිතුවිලි ආයෙත් එක් වෙලා
සෙනෙහස විඳගන්න සිත් පුරා
ඉදිමි ආයෙත් මග බලා


ආදරයට ආයෙත් කැපවෙලා
සන්සාරෙ පැතූ ලෙසට ඔබව හමුවෙලා
කාලයක් තිස්සෙ විඳවු සිත ඔබට පේවෙලා
පුජනීය ආදරයට ආදරය වෙලා


කියාගන්න බැරිතරමට ආදරය සිතුනී
දරාගන්න බැරිතරමට සෙනෙහස වැඩුනී
ලියාගන්න බැරි තරමට කවිපද බැදුනී
හිතපුරා විඳගන්න ඔබෙ ආලය ලැබුනී



W.A.D. Joel Lennon






February 6, 2010

ආදරයට ලියන කතා....

 

සීතල සුලඟත් එක්ක එකතුවෙලා එන්න ආසයි මට ඔයා ලඟට.. අර ඈත පේන කඳු අතරින් ඇවිදින් , මගේ පුන්චි කුමාරිහාමිව අරගෙන යන්න මගේ හිත හැමතිස්සෙම මට බලකරනවා.... මතක් වෙන මතක් වෙන වාරයක් වාරයක් ගානේ දුරකතනයෙන් හරි කියන්න ආසයි මන් ඔයට කොච්චර ආදරේද කියල. මන් දන්නව  මගේ කටින් මේ වචන අහන්න කොච්චර ආසද කියල, .. ඉතින් කොමද මන් ලෝකෙට කෑ ගහල කියන්නේ ආදරේ කොච්චර සුන්දරද කියල.... කියන්න මට.. මන් කෝමද ඔයාට කියන්නේ මේක?.. මතකද ආදරයෙන් පැරදිල මන් කඩාගෙන වැටුන වෙලාවේ මන් ලඟට වෙලා ඔයා දුන්න අවවාද..පුන්චි උනත් මට වඩා වයසින්, ඒ පැහිච්ච වචන කොච්චරනම් මිහිරිද..
W.A.D. Joel Lennon

February 5, 2010

` කඳුලට නිවනක් නැහැ...`


මේක මගේ අත්දැකීමක් නම් නෙමේ.. ඒත් මගේ හිතට ආපු සන්කල්පනාවක්. කතෝලිකයෙක්ගෙ රාමුවේ ඉඳගෙන පන්සල කියන පූජනීය ස්තානය තුල ආදරවන්තයක් අත්දැක්ක එක හැඟීමක් විස්තර කරන්න උත්සහ කලා.

~පිස්සෙක්ගේ කතාවක්..~

 

උදේට නැගිට්ටම " අහකට වෙයන් පිස්සො අපිට කඩේ අරින්න" කියල මුදලාලිගෙ ගෝලය කෑ ගහනව. උදෙන්ම වීදුරුවකට වක්කරගෙන මුදලාලි මොනවදෝ බොනව. ගෝලය පෙට්ටියක් වගේ එකක් අතේ තියාගෙන තනියම හිනාවෙනව.. හිටපු ගමන් අඬන්න වගේ යනවා. කඩේට එන මැගියව දැකල මුදලාලි දෙකට තුනට ඇබරෙනව. බැඳල ලමයි පහක් විතර ඉන්න මුදලාලිය " අපි පැනල යමු මැගියෝ" කියනකොට මට බකස් ගාලා හිනා යනවා. ඔක ඇහිච්ච ගමන් මුදලාලි " මේකට පිස්සු තදවෙලාද කොහෙදො " කියල මට කෑ ගහනව...

February 4, 2010

ආදරයට ලියන කතා....

 

මගේ පුන්චි කෙල්ල එක්ක එක මොහොතක් තනි උනාම මට හැඟෙන දේවල් මන් කෝමද ඔයාට විස්තර කරන්නේ..?, මට කියන්න මන් කෝමද විස්තර කරන්නේ? මේ විශ්වය පුරා ඇවිදල ඇවිදල මහන්සිවෙච්ච ආගන්තුක මනුස්සයෙක්ව තමන්ගේම කරගෙන හිත පුරා ආදරය කරන පුන්චි දේවතාවිය කවදාවත් ඇහැව්වෙ නැහැ ඒ ආගන්තුකයගෙන් " ඔයා මට ආදරෙයිද?" කියල... එච්චරටම ඒ ආහන්තුකයාව හුරු පුරුදුයි වගේ... මාව හොයගෙන ඇවිදින්, මගේ හිත ලඟ කෝල කතා දිගාරින මගේ අප්සරාවියට ආදරෙයි මන්....
W.A.D. Joel Lennon

February 3, 2010

~ හීන කතාව 2 ~

 
නිල් පාටට දිලිහෙන
නිල් අහස දිහා බලාගෙන
එක මොහොතකට
මන් කොච්චර නිදහස්
මනුස්සයෙක්ද
කියල හිතුනා
වෙරල දිගේ
මගේ පැත්තට එන
ලස්සන ගෑනු ලමයෙක් දැක්කම
අර පේන අහසෙ
පුන්චි වලාකුලක් උඩ
අපි දෙන්නට ගෙයක් හදාගන්න
ඇත්නම් කියල
බොහොම සුන්දර සිතුවිල්ලක්
ඉබේටම ගලාගෙන ආව..
ඒත් තතපරයකින්
" පිස්සුද යකෝ අහස දිහා බලගෙන ඉන්නේ"


W.A.D. Joel Lennon 

~ පුන්චි හුරතලී..... ~

 

මන් කවදාවත් හිතුවේ නෑ
ඔයාව මට ලැබෙයි කියල
ජීවිතේ ගොඩාක් දේවල්
මගෙන් ඈත්වෙනකොට
පුන්චි මුවැත්තියක් වගේ
මන් ලගට වෙලා
ඔයා ආදරෙන් හිනාවෙනකොට
ප්‍රශ්න කොච්චර
ආවත්
ඒ හැම ප්‍රශ්නයක්ම
අමතක කරල
ඔය සුදු මූන දිහා
බලන් ඉන්න ආසයි මන්
හුරතලෙන් ඔයා කියවන
ආදරය පිරුනු වචන
ආසයි අහන්න හැමදාම
ආදරයේ නාමයෙන්


W.A.D. Joel Lennon

ආදරයට ලියන කතා....

 


හිතන්න දේවල් ගොඩාක් ඉතුරු වෙලා තියෙද්දිත්
ඔයාට ආදරේ කරන්න හිතුන එක ගැන මටම පුදුමයි.
එදා දැකපු අහින්සක කම.. තාමත් ඔය ලඟ තියෙනව දැක්කාම
මට ගොඩාක් ලෝබ හිතුන... දෙවියනේ මේ කෙල්ල මට මේ මොකද කරල තියෙන්නෙ?... අදහාගන්න බැරි විදියට මන් ආයෙත් ආදරේ කරනව...
ඔව්.පුන්චි කෙල්ලකට.. මගෙ හිත ඇදිල ගිහින්, සිත පුරා උතුරන ආදරයක් ඒ කෙලිපොඩිත්තට මගේ හිතේ තියෙනව..ආදරෙට ආදරෙයි අපි හැමෝම..


W.A.D. Joel Lennon

January 20, 2010

~ හීන කතාව 1~



ඇය මා සිපගත්තාය
මමද ආදරෙන් ඇය සිපගතිමි
අපි බොහෝ වේලා කතා කලෙමු
අපි බොහෝ වේලා ලන්ව
ආදරයේ උනුහුම වින්දෙමු
සිතට දැනුන සතුට උතුර යන්න
ආසන්න විට..
" නැගිටපන් යකෝ...
දැන් 4තරත් පහුවෙලා"
 
W.A.D. Joel Lennon

January 19, 2010

~ඇයි කලේ ? ~



අලුත් ආරම්බයකට
හිත අර අදිනකොට
නුබ ලඟ නැති නිසා
විශ්වාසය මට තිත්ත වෙලා
බොරුවට අඬපු නුබේ ඇස්
මතක් වෙනකොට
තවම මගේ ඇස් වලට
ඉබේටම කඳුලු
එනතරමට
මොඩ හිත මගේ
නුබට ගොඩක් අදරේ කරල වගේ
මේ ලොකේ ආදරය කලාම
දුක විතරක් නම් ඉතුරු වෙන්නෙ
ඇයි ම්ම මෙච්චර නුබට ආදරෙ කලේ ?


A new beginning awaits at my doorstep
you were with me but now you are not
I believe no trust
I believe no tears 
but whenever you come across
tears come is a flash
I might have loved you
loved you alot
but now things have changed
 want to love again 
as I love to live with love ....

January 17, 2010

~ දිනක ~


ඔබට ආදරෙ හිතෙන තරමට මගෙ හිත ලඟට අවිත් දඟකරනකොට... මන් කෝමද ඔයාගැන නොහිතා ඉන්නේ.... කියන්න මට ...

January 10, 2010

~ To the present Sri Lanka ~



This may not favour u people who just stay as stupids when your motherland is sinking..

January 8, 2010

~ දිනක.... ~



දිනක මම වරුවක් පමන ඔබ එනතෙක් පන්තිය අසලට වී සිටියෙමි . දහසක් පැතුමන් හදේ සඟවාගෙන.. ලොකයාගෙ වපර ඇස් වලට බිය නොවී ම්ම නිසොල්මනේ හිටගෙන සිටියෙමි.. ඔබ මොහොතකින් ආවේය.. මම අව්යාජව සිනාසුනෙමි, ඔබද සිනාසුනා මතකය.. එහෙත් මොහොතකට මවාගත් සිනාව අව්යාජ නොවූයේ ඇයි දැයි මම තවම කල්පනා කරන්නෙමි... 

       මා මෙසේ පවසන්නේ ඇයි දැයි ඔබට සිතෙනු ඇත. එයට හෙතුවක් ඇති බව ඔබ දන්න නමුත්, ලොකයා එය නොදනී.. හෙතුව.. පසුවට පවසනු පිනිස, කුතුහලයක් ලොකයා අබියස නතරකර නික්ම යමි

January 3, 2010



Loneliness is a strange feeling I always undergo in different different situations. it doesn't matter what the situation is , loneliness has always got soemething to share with me

~ දෙවියො මන් කියපු දේ අහල.... ~