July 17, 2010

හිම කැට ...


හිම කැට විසිරෙන සුදු වරුසාවක
සිනිදු සේල අතුරනා රුවේ
එතී ඇදී යන්නට මට ආසයි
අවසරනම් හනි හනික ඔබේ
දේ ඇඟිලි එක්වන සොඳුරු රඟහලක
සිපගත් මතකයි සොඳුරු සිනා
ඇස් පියවෙනකොට උතුරා හැඬුවා
මගෙ හද ඔයාට ආදරෙයි කියා
සැතපෙන්නට සුව ලය මත උනුහුම
බලාන ඉන්නේ මම එදා ඉඳන්
කියන්න ඉවසන්නේ කෝමද කියලා
ආදරේ හිතෙනවා ගොඩාක් ඔයාට රත්තරන් 


W.A.D. ජෝඑල් ලෙනන්