May 29, 2012

කෙදිනකවත් තොපිට නොපෙනේ ...

උදා හිරු කිරණින් දිලිසුනු රතු දෙකොපුල්
ස්පර්ශ කරනට සිහිනෙන් යලි දෑස් වසාගත්
හෙට දවස උදයට යලි එලිවෙත්
දෙනෙත දකිනා සියුම් රෙදිපට දුහුල්

රක්ත වර්ණ දෙතොලඟ මැලවුනු වේදනා
අවපැහැ ගැන්වුනු සිතුවිලි අබියස සියක් චෝදනා
අතැඟිලි බැඳුනු අවසර ආදර චේතනා
මතකයට නැගෙත් යලි ඇසට කඳුලක් එනා

දෙ අත වාරු නැති දෙපස බලමින් හිනැහෙත්
පිපාසිත මනස විලිරුදාවෙන් යලි කෑගසත්
විඩෙන් විඩ අහෝ නුඹද හිනැහෙත්
අපරාජිතයාට ඉතින් එපා උගේ ජීවිතයත්


චිත්ත රූප කේලම් ස්වරූප උන්ට හොඳ නම්
ජීවිතාබියෝග සෙනෙහස් රූප ඇසට කටු අනියි නම්
අබිසාරිකාවන් වගේ තොපි යලි යලිත් කුණුම හොයයි නම්
කෙදිනකවත් කොඳු පන නැති තොපිට නොපෙනේ ආදරයක හොඳක් නම්

W.A.D. ජෝඑල් ලෙනන්

Puppets





Time speaks when admirers vanish 
God greets but alone in the parish 
another lonely day walking to the station 
hands free , heart is heavy , an odd animation 

to the rest this is nothing 
but the agony and alienation
for some are everything 
life is happy with materialized comforts 
in a high rated show we are all puppets ! 

29/05/2012

W.A.D. Joel Lennon