February 28, 2010

A fairy in my hand ....

 
Love is a miracle, I told this again and again .. we all feel it from the depths of our heart. I love to love and I love you ......

සක් + ගයිඩ්..

 
ලන්කාවේ යතාර්තය මේක තමයි...

February 16, 2010

අපි හමු උනෙමු

අනන්තවූ සිතුවිලි අතර
තත්පරයකට අතරමන් උනෙමි
ලස්සන මල්වත්තක
නේක වර්නයන්ගෙන් පිරුණු
අග්‍රගනයේ මල් පිපී තිබුනි
මම මොහොතක් නතර උනෙමි
පින්වන්තයි සිතමින් මගෙ දෑස්
ඔබ මොබ බලන කලට
ඈත වැටක් අද්දර
එක පුන්චි මලක්
පිපී තිබෙනු දුටිමි
ලන් උනෙමි ඒ මල අසලට
දෝතින් රැගෙන වින්ඳෙමි
ඒ මලේ සුවඳ
ආදරය සිතුනි
මට ඒ පුන්චි මල වෙත
ඒත් අසරණ උනෙමි
සිතමින් රිදේවිදෝ
ඒ පුන්චි සිත..

ජෝඑල් ලෙනන්

February 8, 2010

~ කටගැස්ම...~

 

මේක උපහාසාත්මකයි කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන් , ඔව් ඒක ඇත්ත.. ඒත් මේකෙන් අපෙ ස්ත්‍රී පරාණ වලට හිතන්න යමක් දෙන්නයි උත්සහ කලේ.. විශේශයෙන් මොඩර්න් කට්ටියට..

February 7, 2010

වසන්තයේ එක දවසක් ...

 

පැතු මග වෙන්ස වෙලා
සිතුවිලි ආයෙත් එක් වෙලා
සෙනෙහස විඳගන්න සිත් පුරා
ඉදිමි ආයෙත් මග බලා


ආදරයට ආයෙත් කැපවෙලා
සන්සාරෙ පැතූ ලෙසට ඔබව හමුවෙලා
කාලයක් තිස්සෙ විඳවු සිත ඔබට පේවෙලා
පුජනීය ආදරයට ආදරය වෙලා


කියාගන්න බැරිතරමට ආදරය සිතුනී
දරාගන්න බැරිතරමට සෙනෙහස වැඩුනී
ලියාගන්න බැරි තරමට කවිපද බැදුනී
හිතපුරා විඳගන්න ඔබෙ ආලය ලැබුනී



W.A.D. Joel Lennon






February 6, 2010

ආදරයට ලියන කතා....

 

සීතල සුලඟත් එක්ක එකතුවෙලා එන්න ආසයි මට ඔයා ලඟට.. අර ඈත පේන කඳු අතරින් ඇවිදින් , මගේ පුන්චි කුමාරිහාමිව අරගෙන යන්න මගේ හිත හැමතිස්සෙම මට බලකරනවා.... මතක් වෙන මතක් වෙන වාරයක් වාරයක් ගානේ දුරකතනයෙන් හරි කියන්න ආසයි මන් ඔයට කොච්චර ආදරේද කියල. මන් දන්නව  මගේ කටින් මේ වචන අහන්න කොච්චර ආසද කියල, .. ඉතින් කොමද මන් ලෝකෙට කෑ ගහල කියන්නේ ආදරේ කොච්චර සුන්දරද කියල.... කියන්න මට.. මන් කෝමද ඔයාට කියන්නේ මේක?.. මතකද ආදරයෙන් පැරදිල මන් කඩාගෙන වැටුන වෙලාවේ මන් ලඟට වෙලා ඔයා දුන්න අවවාද..පුන්චි උනත් මට වඩා වයසින්, ඒ පැහිච්ච වචන කොච්චරනම් මිහිරිද..
W.A.D. Joel Lennon

February 5, 2010

` කඳුලට නිවනක් නැහැ...`


මේක මගේ අත්දැකීමක් නම් නෙමේ.. ඒත් මගේ හිතට ආපු සන්කල්පනාවක්. කතෝලිකයෙක්ගෙ රාමුවේ ඉඳගෙන පන්සල කියන පූජනීය ස්තානය තුල ආදරවන්තයක් අත්දැක්ක එක හැඟීමක් විස්තර කරන්න උත්සහ කලා.

~පිස්සෙක්ගේ කතාවක්..~

 

උදේට නැගිට්ටම " අහකට වෙයන් පිස්සො අපිට කඩේ අරින්න" කියල මුදලාලිගෙ ගෝලය කෑ ගහනව. උදෙන්ම වීදුරුවකට වක්කරගෙන මුදලාලි මොනවදෝ බොනව. ගෝලය පෙට්ටියක් වගේ එකක් අතේ තියාගෙන තනියම හිනාවෙනව.. හිටපු ගමන් අඬන්න වගේ යනවා. කඩේට එන මැගියව දැකල මුදලාලි දෙකට තුනට ඇබරෙනව. බැඳල ලමයි පහක් විතර ඉන්න මුදලාලිය " අපි පැනල යමු මැගියෝ" කියනකොට මට බකස් ගාලා හිනා යනවා. ඔක ඇහිච්ච ගමන් මුදලාලි " මේකට පිස්සු තදවෙලාද කොහෙදො " කියල මට කෑ ගහනව...

February 4, 2010

ආදරයට ලියන කතා....

 

මගේ පුන්චි කෙල්ල එක්ක එක මොහොතක් තනි උනාම මට හැඟෙන දේවල් මන් කෝමද ඔයාට විස්තර කරන්නේ..?, මට කියන්න මන් කෝමද විස්තර කරන්නේ? මේ විශ්වය පුරා ඇවිදල ඇවිදල මහන්සිවෙච්ච ආගන්තුක මනුස්සයෙක්ව තමන්ගේම කරගෙන හිත පුරා ආදරය කරන පුන්චි දේවතාවිය කවදාවත් ඇහැව්වෙ නැහැ ඒ ආගන්තුකයගෙන් " ඔයා මට ආදරෙයිද?" කියල... එච්චරටම ඒ ආහන්තුකයාව හුරු පුරුදුයි වගේ... මාව හොයගෙන ඇවිදින්, මගේ හිත ලඟ කෝල කතා දිගාරින මගේ අප්සරාවියට ආදරෙයි මන්....
W.A.D. Joel Lennon

February 3, 2010

~ හීන කතාව 2 ~

 
නිල් පාටට දිලිහෙන
නිල් අහස දිහා බලාගෙන
එක මොහොතකට
මන් කොච්චර නිදහස්
මනුස්සයෙක්ද
කියල හිතුනා
වෙරල දිගේ
මගේ පැත්තට එන
ලස්සන ගෑනු ලමයෙක් දැක්කම
අර පේන අහසෙ
පුන්චි වලාකුලක් උඩ
අපි දෙන්නට ගෙයක් හදාගන්න
ඇත්නම් කියල
බොහොම සුන්දර සිතුවිල්ලක්
ඉබේටම ගලාගෙන ආව..
ඒත් තතපරයකින්
" පිස්සුද යකෝ අහස දිහා බලගෙන ඉන්නේ"


W.A.D. Joel Lennon 

~ පුන්චි හුරතලී..... ~

 

මන් කවදාවත් හිතුවේ නෑ
ඔයාව මට ලැබෙයි කියල
ජීවිතේ ගොඩාක් දේවල්
මගෙන් ඈත්වෙනකොට
පුන්චි මුවැත්තියක් වගේ
මන් ලගට වෙලා
ඔයා ආදරෙන් හිනාවෙනකොට
ප්‍රශ්න කොච්චර
ආවත්
ඒ හැම ප්‍රශ්නයක්ම
අමතක කරල
ඔය සුදු මූන දිහා
බලන් ඉන්න ආසයි මන්
හුරතලෙන් ඔයා කියවන
ආදරය පිරුනු වචන
ආසයි අහන්න හැමදාම
ආදරයේ නාමයෙන්


W.A.D. Joel Lennon

ආදරයට ලියන කතා....

 


හිතන්න දේවල් ගොඩාක් ඉතුරු වෙලා තියෙද්දිත්
ඔයාට ආදරේ කරන්න හිතුන එක ගැන මටම පුදුමයි.
එදා දැකපු අහින්සක කම.. තාමත් ඔය ලඟ තියෙනව දැක්කාම
මට ගොඩාක් ලෝබ හිතුන... දෙවියනේ මේ කෙල්ල මට මේ මොකද කරල තියෙන්නෙ?... අදහාගන්න බැරි විදියට මන් ආයෙත් ආදරේ කරනව...
ඔව්.පුන්චි කෙල්ලකට.. මගෙ හිත ඇදිල ගිහින්, සිත පුරා උතුරන ආදරයක් ඒ කෙලිපොඩිත්තට මගේ හිතේ තියෙනව..ආදරෙට ආදරෙයි අපි හැමෝම..


W.A.D. Joel Lennon