November 13, 2009

~රගහල අසල ~



 හැගුම්බර හිතට
විඩාබර කවිපේලි
එකින් එක ලන්කරල
නුබේ සිනහවට වහවැටි
සිනිදු වලාකුලු වල
හැපී හැපී
ජීවිතයේ මිහිර විදි හැටි
හරි පුදුමයි
ආශාවන් පොදිබැදගෙන
අලුත ගෙනා මනමාලි එක්ක
කල්පයක්වන් ආදරයක්
බෙදාගත් හැටි
තවම මතකයි
වැහැරුණු ගතට
සවියක් නැති උනත්
එදා ආල සිතම
අදත් කෝල වෙලා
නුබ එනතුරු රගහල අසල
පොපියයි
 නග්න දෙපා වලට
හැපී හැපී, උස්සපත්තු
පැලදගත් නෝනලා
පිලිකුල් ලෙස බැලුවත්
උන් එක්ක එන මහත්තුරු
සැරෙන් සැරෙ රැව්වත්
එදා වගෙ අද
නුබ මේ ශාලාවෙ නැ
විගඩම් ඇදගත්තු
සව්දම් ජෙමාලා
රාගය අවුස්සන
අශීලාචාර ලියන්
කැඩපතක් ඉදිරියේ තියා
පිටපත් කලා වැනි
උන්ගෙ බහුබූත සින්දු
නුබ මැරිලලු
එහෙමයි උන් කියන්නෙ
ඒත් මම
නුබ එනකම් තාමත්
එදාවගෙම අදත්
විලම්ඹීත සිතැතිව
රගහල අසලයි .....


ජෝඑල් ලෙනන්

1 comment:

▼ Goshan ▼ said...

Thanks Bro...! , MAXXA...