March 19, 2013

බමර කතාව......





දියවුනු සායමට බර නැතුවාට
රැලි වුනු ඇහි බැම කෑ ගෑවාට
මූන පුරා පුර හඳ වැනි ආවාට
කෙලෙස සඟවන්නද ඔබෙ දුක හෝටලෙන් කෑවාට

ගමට හැතැම්මයි ඒකත් බස් ඇති දා
සිවිලිමේ හූනෝ පෝලිමයි ඒකත් පින් මදි දා
ගෙදර ඔත්පලයි දුදරු හිනැහෙන දා
ඇයම පුර හඳයි පිපාස මිනිසුන් විලියෙන් ඇම්බරෙන දා

දන්නෝ ආවඩයි පුර හඳ බැස යදිදී
තවකෙක් රොන් උරයි කතාව නොදනිද්දී
ඇගෙ සිත විලිවසයි දූ දරු සිහිවෙද්දී
විසාකාවට පින්මදියි යහනෙන් මිනිසෙක් බැසයද්දී 


W.A.D. ජෝඑල් ලෙනන්

No comments: