February 5, 2010

~පිස්සෙක්ගේ කතාවක්..~

 

උදේට නැගිට්ටම " අහකට වෙයන් පිස්සො අපිට කඩේ අරින්න" කියල මුදලාලිගෙ ගෝලය කෑ ගහනව. උදෙන්ම වීදුරුවකට වක්කරගෙන මුදලාලි මොනවදෝ බොනව. ගෝලය පෙට්ටියක් වගේ එකක් අතේ තියාගෙන තනියම හිනාවෙනව.. හිටපු ගමන් අඬන්න වගේ යනවා. කඩේට එන මැගියව දැකල මුදලාලි දෙකට තුනට ඇබරෙනව. බැඳල ලමයි පහක් විතර ඉන්න මුදලාලිය " අපි පැනල යමු මැගියෝ" කියනකොට මට බකස් ගාලා හිනා යනවා. ඔක ඇහිච්ච ගමන් මුදලාලි " මේකට පිස්සු තදවෙලාද කොහෙදො " කියල මට කෑ ගහනව...

No comments: