February 16, 2010

අපි හමු උනෙමු

අනන්තවූ සිතුවිලි අතර
තත්පරයකට අතරමන් උනෙමි
ලස්සන මල්වත්තක
නේක වර්නයන්ගෙන් පිරුණු
අග්‍රගනයේ මල් පිපී තිබුනි
මම මොහොතක් නතර උනෙමි
පින්වන්තයි සිතමින් මගෙ දෑස්
ඔබ මොබ බලන කලට
ඈත වැටක් අද්දර
එක පුන්චි මලක්
පිපී තිබෙනු දුටිමි
ලන් උනෙමි ඒ මල අසලට
දෝතින් රැගෙන වින්ඳෙමි
ඒ මලේ සුවඳ
ආදරය සිතුනි
මට ඒ පුන්චි මල වෙත
ඒත් අසරණ උනෙමි
සිතමින් රිදේවිදෝ
ඒ පුන්චි සිත..

ජෝඑල් ලෙනන්

1 comment:

▼ Goshan ▼ said...

Maxxa Machan..Good Work...