October 1, 2010

සිහිනය....

අපි පිය නගන මේ මාවත
ලා රෝස රෝස මල් වලින් සරසලා
මගේ ලඟින් ගමන් කරන
ඔයා වගේ හැඩ වෙලා
වලාකුලු වියන් තනා
විහඟ ගීතයකට
හිරු තනු මුසු වෙලා
පල්ලියේ ගීතිකා හඬට
හිත සතුටින් ඉපිලිලා
හමෝම අපි දිහා බලා ඉද්දී
ඔයා මගේ වෙලා
අපි දෙන්නෙක් නෙමේ දැන්
ආදරය තුල එක්කෙනෙක් වෙලා

ජෝඑල් ලෙනන්


2 comments:

සෝරෝ said...

ලස්සනයි සහෝ ගොඩක්...!!

W.A.D. Joel Lennon said...

bohoma sthuthie yaaluwa