September 24, 2010

නිල් නෙතු.....

ලැබේ නම් මතු දිනක ඔය නිල් නෙතු
තනිවෙලා යැයි සිතූ පෙර දින නිමයි
අතිනත ගන්නාතෙක් මතු දින මා ඔබ සිතු
ජීවිතේ කරදර මැද බෝ දුරයි

කතාවක් කියනා ඔය නිල් නෙතු
මගේ බව නම් මට සැබයි
සියක් කෙනෙහිලි ලැබෙන මුත් අද
දුකක් නෑ ඔබ මගේ ලඟයි

පා කරන මද සිනා ඔය නිල් නෙතු
අනන්තයක් තරමට මට ආදරෙ කරයි
ලැබෙන තෙක් මගෙ ලඟට මින් මතු
අහස තරමට අද පෙරුම්පුරයි

ජෝඑල් ලෙනන්




No comments: