September 13, 2011

අමතක වෙලා වගේ ......



දෙස්දෙවොලින් තොර ලොවකට
පිය නැගුවා ඇය හොරෙන් හොරෙන්
සීත රටක සීත පහස ඇඳී තිබුනි මනස පුරා
දුටුව නිසා අනාගතය විය සිදුරෙන්
පා තැබුවෝ උස් මනසින්
නොතිබුනත් වත්කම් ඒජන්සියෙ පිහිටෙන්
ලෝබ වෙලා දැනෙන රසට
ලැබෙන මුදලෙ
විකිනෙනා පසු දින සිට
එක අතකින් තව අතකට
නොමසුරු සිතින්
ලැබුවා වැනි හොඳ කල
ජීවිතයට ඇගේ

මුසු උනත් විලඳ සුවඳ
සිල් සුවඳ පිරුනු සිතේ
ආපසු ගනු බැරි බව
ගෙවුනු ජීවිතය
ඇයට අද අමතක වෙලා වගේ


W.A.D. ජෝඑල් ලෙනන්

No comments: