September 7, 2011
එදා ඉඳන් අද වෙනකන්.. මින් මතුවටත් ...
අපේ ජීවිත වලට කවුරු
කොයි වෙලේ ඇවිත්
අපිව රිද්දනවද
අපිට ආදරේ කරනවද
කියන එක
අපිට තිරනේ කරන්න
අයිතියක් නැහැයි කියල
මට දැනුනේ
ඔයා මගෙ ලොකේට
ආගන්තුකයෙක් වගේ ඇවිත්
මගේ මුලු ජීවිතේම
අයිති කරගත්තම
හිනාවෙන්න දන්නෙ නැති
නපුරු රාස්සයෙක් වගේ
මගේම ලෝකෙක තනිවෙලා
බලාපොරොත්තු නැති වෙලේ
අසරන විදියට
සියක් දෙනා මැද
නතර උන මගෙ ඇස්
පෙර එක දවසක
ආදරේ නිසා
කඳුලින් බරවෙන්න ඇති
ඒ කඳුලු වල
තෙරපුනු සෙනෙහසේ
ගැඹුර ඔය හිතටත්
පෙර එක දවසක
දැනිල තිබ්බ හින්දා
ඒ දවස
මගේ මැල උනු
දෙනෙත් දිහා
ඔයා හොරෙන් බැලුවේ
ඒ හින්ද වෙන්න ඇති
ලොකයාට
තේරුම්ගන්න
අමාරු මගේ සිතුවිලි එක්ක
ආදරෙන් බැඳෙන්න තරමට
අපි සන්සාරෙන් සන්සාරෙට
මේ වගේ හමුවෙමින්
එකට එන්න ඇති
W.A.D. ජෝඑල් ලෙනන්
Labels:
sinhalapoems
Subscribe to:
Post Comments (Atom)

1 comments:
nice thoughts
Post a Comment