October 25, 2010

කවියෙකුගෙ සිත

රිදුනත් සිය දහස්වරක්
තම සිත
සිනහවෙන්ම කල් ගෙව්වා
තදකරන් දෙ ඇස්
නොදකිනා විලසට තම දුක
අන් දුක ගැනම කවි ලිව්වා
හඬනා උන්
ආදරය අබියස
ඔහු සනසමින් කල් ගෙව්වා
නැති උනත් අද කෙනෙකු
තම සිත ලඟ
ආදරයටම කවි ලිව්වා....



W.A.D.  ජෝඑල් ලෙනන්

No comments: