July 10, 2011

මානව පරිනාමය...






ඇය සුදුය
නමුත් මැය කලුය
ඇය ප්‍රතමයෙනුත්
මැය දෙවනුවත්
එකම දුම් රිය මැදිරියට
මැය ඉඳගත්තාය
ඇය කුපිත වූවාය
සති අන්තයේ
එක සිකුරාදාවක
ඇයත්, මැයත්
මාත් එකම තැනක
එක මොහොතක
පරිනත මානව මනසේ
විස්මිත මැවුම් අබියස
ඔවුනොවුන් සිපවැලඳ
නර්තන ලීලා පාන
විලම්බීත රාත්‍රියක
පරිනාමයේ විශිශ්ටයෝ
පාපිශ්ටයෝ මෙන්
ඔබ මොබ හෙලුවෙන්
විලි වසාගත්තෝය...


W.A.D. ජෝඑල් ලෙනන්

No comments: