January 27, 2012

ඒ හැන්දෑවේ ....







දවසක් දා ඒ හැන්දෑවේ
පෙර විඳි සුවය පවනේ ඔබ කැන්දාවේ
සීත සමීරේ දෙසවන සුව පෙම් බැන්දාවේ
ඈත වලාවේ අපෙ රුව ඇන්දාවේ

දෙපයට නග්න සීතල සුව දැනුනාවේ
තනිකම තෙරපි තෙරපි මගෙ හිත රිදුනාවේ
ආදර මිහිරි ඔබෙ රුව  ඒ රිදුමට බැඳුනාවේ
ලෙන්ගතු ඒ රුව මගෙ දෙනයන වින්දාවේ


ජෝඑල් ලෙනන්

No comments: