January 22, 2012

ඉතින් වෙද අනාගතයක් ?





ඔතා කොලයක බැන වදිමින් දුම් කොලයට
අතේ තැබුවේ පන නැති සිත් පන ගන්නට
රස මුසු තැන් මවමින් උන් හනි හනිකට
පිටකලා උගුරු දෙක තුන දුම් තනිකම මකන්නට



අගුනයක් නෑ කියා උන් බැන්නට
මුන්ට පුලුවන්ද කරුමයක් නොගෙව මග හරින්නට
තමන් රවටමින් තව තව දුම් දැම්මට
හැකිද ගැලවෙන්න උන්ගෙන් එක පිම්මට



දමා දහඩිය හැමදා වැඩ කෙරුවට
තමා ළඟ ඉන්න මිතුරන් රැවටුවට
ඉඳල හිටල තම අනාගතයට බැන්නට
ඉතින් වෙද අනාගතයක් සැබවින් මූට



W.A.D. ජෝඑල් ලෙනන්

No comments: