January 10, 2012

මගෙ ජීවිතේම ඔබ නම් ... | You are my life

ආදරේ හිතුනා ඔය ඇස් දිහා බලලා
ජීවිතේ පිරුනා  පෑ නෙතු සිනා හින්දා
පාළුවෙන් මිදුනා තුන් තිස්පැයක් කවි ලියලා
මගෙ කරගන්න හිතුවා යලි යලිත් සිහිනෙන් දැකලා

දවසක් හමුවෙන්න හිතුනා පෙරදා දුටුව ඒ සිනහ මතක් වීලා
දහස් වරක් අදිමදි කෙරුවා මතකයි ඔබ අහින්සක හින්දා
හමුවී නිමෙශයකින් ආත්ම ගනනක් පුරුදුයි වගේදෝ හිතිලා
සියක් නෙතු වලට රහසේ ආයෙත් ඔබ නෙතඟෙ පහස මන් වින්දා

යෙහෙලියක් විලස කෙමෙන් කෙමෙන් මට ලන්වීලා
දරාගන්න බැරි දුක මන් හින්දා ඔය පුන්චි හිතෙන් විඳලා
ලොකයා සමග උරින් උර මාත් එක්ක ජීවිතේ පොරබදලා
එදා ඉන්දන් අපි ජීවිතේ මෙලෙස ආදරෙන් බැඳිලා

සතුටු සිනහා සමග කඳුලු එකට රස බලලා
ලොවක් දිනන්නට දකින ඒ සිහිනය මාත් එක්ක වින්දා
වචනෙකින් හරි හිත රිදුනාම ඇවිත් ලඟට ආදරෙන් මුව සිපලා
යලි යලිත් මන් ආදරෙන් අපේ මේ ආදරේ වින්දා


W.A.D. ජෝඑල් ලෙනන්

No comments: