January 27, 2012

ඒ හැන්දෑවේ ....







දවසක් දා ඒ හැන්දෑවේ
පෙර විඳි සුවය පවනේ ඔබ කැන්දාවේ
සීත සමීරේ දෙසවන සුව පෙම් බැන්දාවේ
ඈත වලාවේ අපෙ රුව ඇන්දාවේ

දෙපයට නග්න සීතල සුව දැනුනාවේ
තනිකම තෙරපි තෙරපි මගෙ හිත රිදුනාවේ
ආදර මිහිරි ඔබෙ රුව  ඒ රිදුමට බැඳුනාවේ
ලෙන්ගතු ඒ රුව මගෙ දෙනයන වින්දාවේ


ජෝඑල් ලෙනන්

Take me Home ......


January 23, 2012

Westerham (Kent, England )





Oh dear Westerham green 
I've been searching you 
where have you been ?
In the sonic world 
you are the unseen 
I did not want to 
but now i am keen 
though miles to get 
what we want 
you treat us all , fair 
BigginHill is the lovely enchant 
Not only me anybody will stare 
the unharmed breath you give 
I cannot give a measurable value
the mighty sun sparkles
on the lady " Morning Dew " 

W.A.D. Joel Lennon


January 22, 2012

ඉතින් වෙද අනාගතයක් ?





ඔතා කොලයක බැන වදිමින් දුම් කොලයට
අතේ තැබුවේ පන නැති සිත් පන ගන්නට
රස මුසු තැන් මවමින් උන් හනි හනිකට
පිටකලා උගුරු දෙක තුන දුම් තනිකම මකන්නට



අගුනයක් නෑ කියා උන් බැන්නට
මුන්ට පුලුවන්ද කරුමයක් නොගෙව මග හරින්නට
තමන් රවටමින් තව තව දුම් දැම්මට
හැකිද ගැලවෙන්න උන්ගෙන් එක පිම්මට



දමා දහඩිය හැමදා වැඩ කෙරුවට
තමා ළඟ ඉන්න මිතුරන් රැවටුවට
ඉඳල හිටල තම අනාගතයට බැන්නට
ඉතින් වෙද අනාගතයක් සැබවින් මූට



W.A.D. ජෝඑල් ලෙනන්

January 14, 2012

සුබ රාත්‍රියක් ...








සඳ අහිමි සීතල රෑ
පාලු ලන්ඩන් සුසානයේ
පැය කටු , තත්පර කටු ඉගිලෙත්
මතකයට යමක් නැගේ සැනෙකින්
ගිම්හාන ඇතිරිල්ලෙන් මිදී
සීත යහනට ගොඩ වෙන
මගේ සීතල සිතුවිලි
ඔබේ උනුහුමට ගුලිවේ
ඉතින් ඔබට සුබ රාත්‍රියක්
හෙට හමුවෙන තෙක්

W.A.D. ජෝඑල් ලෙනන්

January 10, 2012

A long waited time ....


In the air which guards the lamenting butterflies
It never showed sympathy for a while
no one can watch how it slowly dies
Pain, triumphant in style
A naked pleasure cherished for unborn
slithering through the deep dark frames
your highness made mad flames
a long way from home he is alone
in the air which guards the soft feathers of larks
you breathe pleasure ; hath he doesn't
a pleasant dream dressed up for Christmas
he is alone waiting for a golden present !

Joel Lennon W.A.D. [ 11/12/2011]

මගෙ ජීවිතේම ඔබ නම් ... | You are my life

ආදරේ හිතුනා ඔය ඇස් දිහා බලලා
ජීවිතේ පිරුනා  පෑ නෙතු සිනා හින්දා
පාළුවෙන් මිදුනා තුන් තිස්පැයක් කවි ලියලා
මගෙ කරගන්න හිතුවා යලි යලිත් සිහිනෙන් දැකලා

දවසක් හමුවෙන්න හිතුනා පෙරදා දුටුව ඒ සිනහ මතක් වීලා
දහස් වරක් අදිමදි කෙරුවා මතකයි ඔබ අහින්සක හින්දා
හමුවී නිමෙශයකින් ආත්ම ගනනක් පුරුදුයි වගේදෝ හිතිලා
සියක් නෙතු වලට රහසේ ආයෙත් ඔබ නෙතඟෙ පහස මන් වින්දා

යෙහෙලියක් විලස කෙමෙන් කෙමෙන් මට ලන්වීලා
දරාගන්න බැරි දුක මන් හින්දා ඔය පුන්චි හිතෙන් විඳලා
ලොකයා සමග උරින් උර මාත් එක්ක ජීවිතේ පොරබදලා
එදා ඉන්දන් අපි ජීවිතේ මෙලෙස ආදරෙන් බැඳිලා

සතුටු සිනහා සමග කඳුලු එකට රස බලලා
ලොවක් දිනන්නට දකින ඒ සිහිනය මාත් එක්ක වින්දා
වචනෙකින් හරි හිත රිදුනාම ඇවිත් ලඟට ආදරෙන් මුව සිපලා
යලි යලිත් මන් ආදරෙන් අපේ මේ ආදරේ වින්දා


W.A.D. ජෝඑල් ලෙනන්

October 2, 2011

Her Name is kyle

Walking a mile
with a small file
Hath, she has style

her name is Kyle


her hair is clumsy 
She swings ,plumpsy
energetic, quick and bouncy 
beautiful, slow and fancy

Early morning walking to the college 
to be at the top with knowledge
Evenings to share with all aged
all the lingeries, a black footage 


W.A.D. Joel Lennon

September 13, 2011

අමතක වෙලා වගේ ......



දෙස්දෙවොලින් තොර ලොවකට
පිය නැගුවා ඇය හොරෙන් හොරෙන්
සීත රටක සීත පහස ඇඳී තිබුනි මනස පුරා
දුටුව නිසා අනාගතය විය සිදුරෙන්
පා තැබුවෝ උස් මනසින්
නොතිබුනත් වත්කම් ඒජන්සියෙ පිහිටෙන්
ලෝබ වෙලා දැනෙන රසට
ලැබෙන මුදලෙ
විකිනෙනා පසු දින සිට
එක අතකින් තව අතකට
නොමසුරු සිතින්
ලැබුවා වැනි හොඳ කල
ජීවිතයට ඇගේ

මුසු උනත් විලඳ සුවඳ
සිල් සුවඳ පිරුනු සිතේ
ආපසු ගනු බැරි බව
ගෙවුනු ජීවිතය
ඇයට අද අමතක වෙලා වගේ


W.A.D. ජෝඑල් ලෙනන්

September 7, 2011

එදා ඉඳන් අද වෙනකන්.. මින් මතුවටත් ...



අපේ ජීවිත වලට කවුරු
කොයි වෙලේ ඇවිත්
අපිව රිද්දනවද
අපිට ආදරේ කරනවද
කියන එක
අපිට තිරනේ කරන්න
අයිතියක් නැහැයි කියල
මට දැනුනේ
ඔයා මගෙ ලොකේට
ආගන්තුකයෙක් වගේ ඇවිත්
මගේ මුලු ජීවිතේම
අයිති කරගත්තම
හිනාවෙන්න දන්නෙ නැති
නපුරු රාස්සයෙක් වගේ
මගේම ලෝකෙක තනිවෙලා
බලාපොරොත්තු නැති වෙලේ
අසරන විදියට
සියක් දෙනා මැද
නතර උන මගෙ ඇස්
පෙර එක දවසක
ආදරේ නිසා
කඳුලින් බරවෙන්න ඇති
ඒ කඳුලු වල
තෙරපුනු සෙනෙහසේ
ගැඹුර ඔය හිතටත්
පෙර එක දවසක
දැනිල තිබ්බ හින්දා
ඒ දවස
මගේ මැල උනු

දෙනෙත් දිහා
ඔයා හොරෙන් බැලුවේ
ඒ හින්ද වෙන්න ඇති
ලොකයාට
තේරුම්ගන්න
අමාරු මගේ සිතුවිලි එක්ක
ආදරෙන් බැඳෙන්න තරමට
අපි සන්සාරෙන් සන්සාරෙට
මේ වගේ හමුවෙමින්
එකට එන්න ඇති


W.A.D. ජෝඑල් ලෙනන්